ජන ගීය ආශ්‍රිත තනු නිර්මාණය කිසියම් ජන ගායන චාරිත්‍රයක් සමාජයක බිහි වන්නේ වැදගත් සමාජ අවශ්‍යතාවක් හේතු කොට ගෙනය. ඒවා විඩාව සංසිදවීමට හෝ වින්දනයට පමණක් හෝ සීමාකර තැබීම සාදාරණ නොවේ. ජන සංගීතය පදනම් කොටගෙන නිර්මාණය සිදු කිරීම තුළින් දේශීය සිංහල සංගීතයක් ගොඩ නංවාගත යුතුය. මෙහිදී ගීත ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතු වේ. '' නුතන නව නිර්මානාත්මක ගීත කෙරෙහි ඇල්මක් හා උනන්දුවක් රට තුළ ඇතිවී තිබෙන බව පෙනේ. ඊට හේතුව අපේ ජන රිද්මය හා නාද මාලාවන් කෙරෙහි ඇති ජානමය සබදියාවයි. අඛණ්ඩ ඉතිහාසයක් පුරා දිවෙන එම නාද මාලා රිද්මය ගීතයට යොදා ගැනීම එහි ජනප්‍රියත්වට හා ප්‍රගමනයට හේතුවක් වේ. අපගේ සිංදුවලට දේශීයත්වයට අනන්‍ය වූ නාද රටාවන් පවතී. නමුත් නිශ්චිත වූ ස්වර ප්‍රස්ථාරකූල ක්‍රමයකින් තොරව ගැමියා විසින් මුඛ පරම්පරාගතව පැවතගෙන ඒමත් ජන කවිය කාර්යානුබද්ධ වීමත් හේතුවෙන් ජන කවියට නිශ්චිත වූ නාද රටාවක් නොතිබිණි. එසේම ජන කවියේ නාද රටා පළාතෙන් ප...
Posts
Showing posts from October, 2020