අහෝ! සේකර, දයාවතී මියගියා. අපට මෙ තරම් ජරාජීර්ණ පරිසරයක් උදාකරදීම ගැන අවුරුදු හතලිහක් තිස්සෙ තම වටිනා ඡන්දය භාවිතා කළ අප්පච්චී ද වගකිව යුතු බව මා විසින් තර්ක කරමින් ගෙවූ උණුසුම් සැඳෑවක තර්කයෙන් පලාගිය අප්පච්චී එල්ලා ගත් මුහුණින් තමන් කැමති පුවත් යන නාලිකාව බලන්නට විය.දිගින් දිගටම වාර්තා වූ ළමා අපචාර, දූෂණ මධ්‍යයේ අදත් එවැනිම පුවතක් විකාශය විය. පුවතක් - දේශපාලුවෙකුගේ නිවසේ සේවය කළ බාල වයස්කාර දැරියක් පිළිස්සී මිය යයි. අතවරයට ලක්ව ඇති බව මරණ පරීක්ෂණයේ සඳහන් වෙයි. මෙය ඝාතනයක් ද යන්න සැකයක් මතුවී ඇත.(සත්‍ය සිදුවීමකි.නම් ගම් මනක්කල්පිතයි ) ඇයගේ මුහුණ හඳුනා ගැනීම රටටම ඉතා වැදගත් නිසා ටීවී තීරයේ ඇගේ මුහුණ විශාලනය කොට සමීප රූපයකින් පළ විය.වතුකරයේ ජීවත් වූ අවුරුදු දහසයක් වයසැති ශාලිනී දැරිය මෙහෙකාර සේවයේ යෙදී සිටිය දී මෙසේ මිය ගොස් තිබුණේය. ඉහත ප්‍රවෘත්තිය 1977 මහගම සේකරයන් අතින් ලියැවුණු "ප්‍රබුද්ධ" ග්‍රන්ථයේ එන "දයාවතී" ගැන මට සිහි ගැන්වීය. දයාවතී ගියේ ...