තබමි තිත ඔබට, "සෘණ"! "සෑම කෙනෙකුම ඔබේ ජීවන චාරිකාව තේරුම් ගත යුතු නැහැ. මොකද ඔබ මේ ලෝකයට ආවෙ ජීවත්වෙන්න මිසක, අන් අයට ඔබ ජීවත්වන ආකාරය තේරුම් කරන්න නෙවෙයි" ( paulo coelho ) ඇත්තටම පාවුලෝ කියන්නේ මනසට කතා කරන ලේඛකයෙක් කිව්වොත් මම හරි. ඔබ ඔහුගේ සන්තියාගෝ නම් සැරිසරන්නා, බ්‍රීඩා, මිනිත්තු එකොලහේ කතාව... වගේ පොත් කියවා තිබෙනවා නම් ඒ බව දැනටමත් දැනගෙන ඇති. ඔහු සෑමවිටම කතාවක් ගොතනවාට වඩා පාඨකයාගේ මනසට කතා කරනවා. මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ කියන ක්‍රමවේදයට අපි ජීවත් වෙන්නේ කියලා. අපි ජීවත් වෙන්නේ සමාජයක.පවුලෙන් පටන් අරන් පාසල,යාළුවෝ,මාධ්‍ය,රැකියාව.... මේ හැම තැනකම අපිට මේ සමාජයන් එක්ක ගනුදෙනු කරන්න වෙනවා. මේ හැම තැනකදීම ඔයාගේ මනස වට්ටන වචන, සිද්ධි මිනිසුන් ඔයා මත බලපෑම් කරන්න යොදාගන්න පුලුවන්. ඉතින් මේ දේවල් වලට ඔයා ප්‍රතිචාර දක්වද්දී නොදැනිම ඔයා ඍණ මනසක් ඇති පුද්ගලයෙක් බවට පත්වෙනවා. ඒ නිසා ඔයාගෙ ප්‍රතිචාර ලැබෙන්න ඕන මොනවගේ පුද්ගලයන්ටද,කොයි විදිහට ද කියන එක ගැන හොඳ අවබෝධයක් ඔයා තුළ තියෙන්නට ඕනේ. ඔයාට කෙනෙක් කියනවනම් ඔයාට බෑ,...
Posts
Showing posts from February, 2021
- Get link
- X
- Other Apps
හීන වලට පණක් තියෙනවා හැමදේම ටිකෙන් ටික වෙනස් වෙලා වසන්තයට අලුත් අලුත් හීන මැවෙනවා මග බලා සිටිය දේවල් මතු වෙලා ළඟට එන්නට හීන වලට පණක් තියෙනවා ගෙවිලා ගිය දේවල් ඉදිරියෙ වෙන දේවල් වෙනසක් නැහැ සිදු වේ ආගිය මග යා යුතු තැන දන්නෙ තමා ම යි නිදහසේ නිමක් නැතිව සිතුවිලි ගඟ ගලා යද්දි පෙර නුදුටුව හීන මැවෙනවා සේනක බටගොඩ මහතා අතින් ලියැවුණු මෙම ගීතය ඔබ අසා ඇතුවාට සැක නැහැ නමුත් මම අද කතා කරන්නේ මෙම ගීතය ගැන නෙවෙයි. මෙහි කියවෙන හීන වලට පණ දෙන ක්‍රමය ගැන.ඔබට නිකමටවත් හිතිල තියෙනවද ඔබේ සිතුවිලි වලට ජීවිතය වෙනස් කරන්න පුලුවන් තරම් බලයක් තියෙනව කියලා. මම අද කතා කරන්නේ අපේ සිතුවිලි වල බලය අපිට ඕන විදියට හසුරවා ගන්න ක්‍රමය ගැන. මෙය ආකර්ෂණ නීතිය (law of attraction) කියලා කියනවා. මුලින්ම කියන්න ඕන මෙය කවුරුන් විසින් වත් හොයා ගත්ත දෙයක් නෙවෙයි. මේක සදාකාලයටම මේ විශ්වය මත පවතින සත්‍යතාවයක්. මේකට මූලික වෙන්නේ ඔබේ සිත. ඔබ ධනාත්මක දේවල් පුරුද්දක් විදියට හිතන කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔබේ අරමුණු සඵල වීමේ ප්‍රවණතාවය වැඩියි. මෙහිදී වඩාත් වැදගත් වන්නේ ඔබ ඔබට අවශ්‍ය දේ පමණක්ම සිතීමයි. ඒ සඳහා ප්‍රථමයෙන් ඔබ ඔබව ...