හීන වලට පණක් තියෙනවා

හැමදේම ටිකෙන් ටික
වෙනස් වෙලා වසන්තයට
අලුත් අලුත් හීන මැවෙනවා
මග බලා සිටිය දේවල්
මතු වෙලා ළඟට එන්නට
හීන වලට පණක් තියෙනවා
ගෙවිලා ගිය දේවල්
ඉදිරියෙ වෙන දේවල්
වෙනසක් නැහැ සිදු වේ
ආගිය මග යා යුතු තැන
දන්නෙ තමා ම යි
නිදහසේ නිමක් නැතිව
සිතුවිලි ගඟ ගලා යද්දි
පෙර නුදුටුව හීන මැවෙනවා
සේනක බටගොඩ මහතා අතින් ලියැවුණු මෙම ගීතය ඔබ අසා ඇතුවාට සැක නැහැ නමුත් මම අද කතා කරන්නේ මෙම ගීතය ගැන නෙවෙයි. මෙහි කියවෙන හීන වලට පණ දෙන ක්‍රමය ගැන.ඔබට නිකමටවත් හිතිල තියෙනවද ඔබේ සිතුවිලි වලට ජීවිතය වෙනස් කරන්න පුලුවන් තරම් බලයක් තියෙනව කියලා. මම අද කතා කරන්නේ අපේ සිතුවිලි වල බලය අපිට ඕන විදියට හසුරවා ගන්න ක්‍රමය ගැන. මෙය ආකර්ෂණ නීතිය (law of attraction) කියලා කියනවා. මුලින්ම කියන්න ඕන මෙය කවුරුන් විසින් වත් හොයා ගත්ත දෙයක් නෙවෙයි. මේක සදාකාලයටම මේ විශ්වය මත පවතින සත්‍යතාවයක්.
මේකට මූලික වෙන්නේ ඔබේ සිත. ඔබ ධනාත්මක දේවල් පුරුද්දක් විදියට හිතන කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔබේ අරමුණු සඵල වීමේ ප්‍රවණතාවය වැඩියි. මෙහිදී වඩාත් වැදගත් වන්නේ ඔබ ඔබට අවශ්‍ය දේ පමණක්ම සිතීමයි. ඒ සඳහා ප්‍රථමයෙන් ඔබ ඔබව හදුනා ගත යුතුයි. ඔබට අවශ්‍ය මොනවාද?, ඔබේ සිහින මොනවාද?, ජීවිතේ බලාපොරොත්තු වන්නේ මොනවාද? යන්න පිළිබඳ මනා අවබෝධයක් ඔබට තිබිය යුතුය.
ජීවිතයේ අපට, අපිව සොයා ගැනීම තරම් අසීරු කටයුත්තක් තවත් නොවේ. මම කවුද? මට අවශ්‍ය මොනවාද? මම දක්ෂ මොනවටද? මගේ හීනේ මොකක්ද? මගේ ගමන මොන වගේද?... මේවා සැබවින් ම අසීරු ප්‍රශ්ණ වේ. නමුත් ඔබ සියුම්ව ඔබව අධ්‍යයනය කළහොත් මේ සියලුම ගැටළු වලට පිළිතුරු ඔබට ඔබ තුළින්ම සොයාගත හැකිය. ඒ සඳහා ප්‍රථමයෙන් ඔබ ඔබට ආදරේ කරන්න. ඔබ වෙනුවෙන් සිතන්නට කාලය යොදවන්න.
දැන් අපි බලමු කොහොමද law of attraction එහෙමත් නැතිනම් ආකර්ෂණ නීතිය කොහොමද බලගැන්වෙන්නේ කියලා . ඔබ ඔබේ හීන, බලාපොරොත්තු, ඉලක්ක, ඔබේ ජීවිත ගමන ස්ථිරව හඳුනාගත්තට පස්සේ නිතරම ඒ දේවල් ගැන සිතන්නට ඔබේ සිතට බල කරන්න. සෑමවිටම ධනාත්මක සිතුවිලි වලින් මනස පුරවා ගන්නට උත්සාහ කරන්න.ඔබ හැමවෙලේම පුරුද්දක් විදිහට "ඔව් මට පුලුවන්", "මං මගේ හීනෙට යනවා" ,"ඒ සඳහා අවශ්‍ය ශක්තිය මං ළඟ තියෙනවා" වැනි ධනාත්මක දේවල් සිතන්නට පුරුදු වූ විට මේ විශ්වය ඔබට ඒ සියල්ල ආකර්ෂණය කිරලීමේ බලයක් ඔබ මත යොදවනවා.
ඔබ ඔබට අවශ්‍ය දේ හැර සෘණ සිතුවිලි වලින් මනස පුරවා ගත හොත් ඒවා ද ඔබ වෙත ආකර්ෂණය වීමේ අවදානමක් තිබේ.හොඳයි අපි උදාහරණයක් ලෙස ගමු, ඔබ "අනේ මට බැහැ", "මම ඒකට දක්ෂ නෑ", "මට මගේ හීන හැබෑ කරගන්න බෑ.. ඒව හීන විතරයි", "මේක මගේ කරුමේ"...මේ වගේ දේවල් නිරතුරුවම සිතන කෙනෙක් නම් විශ්වය ඔබ මත ඇති කරන බලය මේවට සාපේක්ෂ වෙනවා. ඔබේ ජීවිතය ආගාධයකට ඇද දමන්නට ඔබේ මෙවැනි සිතුවිලි වලට බලයක් තියෙනවා.
ඉතිං සරලවම ගත්තම මෙය තමයි ආකර්ෂණ නීතිය ලෙස හඳුන්වන්නේ. විශ්වය ඔබේ සිතුවිලි වල ධන හෝ සෘණ භාවය හඳුනා ගන්නේ නැහැ . ඔබ විශ්වය මත යොදන සිතුවිල්ල කුමක්ද ඒ හා සමාන බලයක් සහ ප්‍රතිඵලයක් විශ්වය ඔබ මත යොදවනවා.ඒ නිසා සෑම විටම ඔබේ සිතුවිලි පාලනයකින් යුතුව විශ්වයට මුදා හැරිය යුතුය.මේ සඳහා සිත සංසුන් කර ගැනීමේ අභ්‍යාස සිදුකළ හැකිය.

ඒ සඳහා ඔබට පුළුවන් නම් විනාඩි 15ක කාලයක් දිනපතා භාවනාවක යෙදෙන්න ඔබට පුළුවන් වෙනවා ඔබට අවශ්‍ය ලෙස ඔබේ සිත සහ සිතුවිලි පාලනය කරන්න. ඔබේ හුස්ම මත අවධානය යොමු කිරීමට උත්සාහ කිරීම, ඔබගේ හෘද ස්පන්දන ශබ්දයට ඇහුම්කන් දීමට උත්සාහ කිරීම වැනි අභ්‍යාස තුළින් ඔබේ සිත සන්සුන් කර ගැනීමට අවශ්‍ය පුහුණුව ඔබේ සිතට ලැබෙනවා
. තවදුරටත් මෙම විශ්ව ආකර්ශන නීතිය බල පවත්වා ගැනීමට ඔබට යම් අභ්‍යාස සිදු කරන්නට පුළුවන්. ඔබ සෑම විටම ඔබ ළඟ කුඩා පොතක් ළඟ තියාගන්න. එහි ඔබට අනාගතයේ ලගාකරගත යුතු ඉලක්ක, හීන, බලාපොරොත්තු, එකින් එක පෙළගස්වන්න. දිනපතා ඒ කියවීම ඔබේ පුරුද්දක් කරගන්න. ඒ තුළින් ඔබේ හීන සැබෑ කර ගැනීමට අවශ්‍ය උත්තේජනය ඔබට ලැබෙනවා.
උදාහරණයක් විදියට ඔබ ඔබේ බලාපොරොත්තුවක් ලෙස ඔබට හොද ගායිකාවක් වීමට අවශ්‍ය බව ලිව්වහොත් ඔබ එය දිනපතා කියවීමේ දී ඔබට ඒ සඳහා අවශ්‍ය ශක්තිය ගොඩනැගෙනවා වගේම ඒ වෙනුවෙන් ක්‍රියා කළ යුතු බව නිතරම ඔබේ සිත කියනවා ඒ අනුව නියමිත හඩ අභ්‍යාස සිදු කිරීම වැනි දේ කිරීමට නිරායාසයෙන්ම ඔබ පෙළඹෙනවා.
ඉතින් විශ්වය විශ්වාස කරන්න. එය ඔබට අවැසි දේ ලබා දීමට මඟ බලා සිටිනවා. ඒ ලබා ගැනීමේ වගකීම ඇත්තේ ඔබ සතුවයි.
ආගිය මග යා යුතු තැන
දන්නෙ තමා ම යි
නිදහසේ නිමක් නැතිව
සිතුවිලි ගඟ ගලා යද්දි
පෙර නුදුටුව හීන මැවෙනවා....
මෙතුවක් කල් ඔබේ ජීවිතයේ සිදුවූ දේවල් වලට වගකිව යුත්තේ කවුද යන්න වැදගත් නැහැ. මොකද ඒවා සිදු වී අවසන්. නමුත් මෙතැන් සිට ඔබේ ජීවිතයේ සිදු වන්නේ මොනවාද යන්න තීරණය කරන්නේ ඔබයි. ඒ සඳහා සම්පූර්ණ අයිතිය ඇත්තේත් වගකීම ඇත්තේත් ඔබ සතුවයි. සිහින දකින්න ඒ සඳහා වෙහෙස වෙන්න.
ඔබට අවශ්‍ය දේ ඔබට ලැබෙනු ඇත!
Inspiring article! ❤️
ReplyDeleteJust amazing ✨✨
ReplyDeleteGood one❤️
ReplyDelete👍👍
ReplyDelete👌👌
ReplyDelete♥️♥️♥️
ReplyDeleteNiyamai👌👌👌
ReplyDeleteGreat🎉️
ReplyDeletesuper..
ReplyDeleteWow Supiri 😍
ReplyDelete👍👍
ReplyDeleteහැමදේම ටිකෙන් ටික.....
ReplyDeleteවෙනස් වෙලා වසන්තයට .....
අලුත් අලුත් හීන මැවෙනවා....
❤️❤️❤️❤️❤️❤️❤️✌️
Super 👍
ReplyDeleteGood content 💜️
ReplyDelete👍👍👍👍👍👍
ReplyDeleteSuperb akki❤️
ReplyDeleteSuperb akki❤️
ReplyDeleteniyamai
ReplyDeletegood
ReplyDeletegood
ReplyDelete