තබමි තිත ඔබට, "සෘණ"!


Image result for paulo coelho


 "සෑම කෙනෙකුම ඔබේ ජීවන චාරිකාව තේරුම් ගත යුතු නැහැ. මොකද ඔබ මේ ලෝකයට ආවෙ ජීවත්වෙන්න මිසක, අන් අයට ඔබ ජීවත්වන ආකාරය තේරුම් කරන්න නෙවෙයි" paulo coelho )

ඇත්තටම  පාවුලෝ  කියන්නේ මනසට කතා කරන ලේඛකයෙක් කිව්වොත් මම හරි. ඔබ ඔහුගේ සන්තියාගෝ නම් සැරිසරන්නා, බ්‍රීඩා, මිනිත්තු එකොලහේ කතාව... වගේ පොත් කියවා තිබෙනවා නම් ඒ බව දැනටමත් දැනගෙන ඇති. ඔහු සෑමවිටම කතාවක් ගොතනවාට වඩා පාඨකයාගේ මනසට කතා කරනවා. මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද  මේ කියන  ක්‍රමවේදයට අපි ජීවත් වෙන්නේ කියලා.

 අපි ජීවත් වෙන්නේ සමාජයක.පවුලෙන් පටන් අරන් පාසල,යාළුවෝ,මාධ්‍ය,රැකියාව.... මේ හැම තැනකම අපිට මේ සමාජයන් එක්ක ගනුදෙනු කරන්න වෙනවා. මේ හැම තැනකදීම ඔයාගේ මනස වට්ටන වචන, සිද්ධි මිනිසුන් ඔයා මත බලපෑම් කරන්න යොදාගන්න පුලුවන්. ඉතින් මේ දේවල් වලට ඔයා ප්‍රතිචාර දක්වද්දී නොදැනිම ඔයා ඍණ මනසක් ඇති පුද්ගලයෙක් බවට පත්වෙනවා. ඒ නිසා ඔයාගෙ ප්‍රතිචාර ලැබෙන්න ඕන මොනවගේ පුද්ගලයන්ටද,කොයි විදිහට ද කියන එක ගැන හොඳ අවබෝධයක් ඔයා තුළ තියෙන්නට ඕනේ.

ඔයාට කෙනෙක් කියනවනම් ඔයාට බෑ, ඔයා ෆේල්, බලන්නකො ඔයාගෙ හැටි ...එහෙමත් නැත්නම් ඔයාට නරක විදියට සලකනව නම් නපුරු දේවල් කියනව නම් පෙරලා ඒ අයට ඒ විදියටම ප්‍රතිචාර දක්වන්න එපා. ඔයා ඒවට ප්‍රතිචාර විදිහට ඇඩුවොත්, තරහ අරගෙන වැඩ කළොත් ,ඔයාගේ ගමන අත්හැරියොත් කාලයත් එක්ක ඔයාට ඔයා නැති වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා ඒකෙන් වෙන්නේ ඔයා තුළ ඒ සෘණ අදහස් ස්ථාපිත වෙලා ඔයා නිරායාසයෙන්ම සෘණ පුද්ගලයෙක් කරන එක. ඒ තුළින් ජීවිතේ ඔයාව අසාර්ථක කරන්න අවශ්‍ය සෘණාත්මක උත්ප්‍රේරණයක් ලැබෙනවා

මේ සෘණාත්මක දේවල් ඔයාට ලැබෙන්නේ ඔයාගේ පවුලෙන් වෙන්න පුළුවන් යාලුවන්ගෙන් වෙන්න පුළුවන් ඉතින් ඔයාට ඒ අය නැති කරගන්න බැහැ. සෘණ අදහස් ලබා දෙනවා කියලා ඔ‍යාට ඒ අයගෙන් ඈත් වෙන්න උවමනාවක් නෑ. අවශ්‍ය වන්නේ ඔයා ප්‍රතිචාර දක්වන ක්‍රමවේදය වෙනස් කර ගැනීම. 

Image result for how to reject negative thoughts from others

හැම වෙලාවෙම අන් අය ඔයා මත ඇති කරන මේ සෘණ බලපෑම් ඔයා බාර ගන්න එක නවත්තන්න.  ඒ දේවල් නිකම්ම වචන හා සිද්ධි විතරයි කියලා හිතලා ඔයාගේ ජීවිතයෙන් බැහැර කරන්න.ඒ දේවල් වැළඳ ගන්න යන්න එපා .ඊට අවශ්‍ය ප්‍රතිරෝධය ඔයා තුළ ගොඩනඟා ගන්න. ඒත් එක ලේසි නෑ නමුත් බැරි නැහැ. ඒ සඳහා අපි අපේ මනස පුරුදු කරගන්න ඕන.

ඒකට අවශ්‍ය වන්නේ හොඳ පුහුණුවීමක් එයින් පස්සේ අපි නොදැනුවත්වම බාහිරින් අපිට එන සෘණ  සිතුවිලි බැහැර වෙනව. 

මුලින්ම ඔයා කරන්න ඕන ඔයාට ඇහුම්කන් දීම.ඔයා විසින් ඔයාව තේරුම් ගන්න උත්සාහ කරන්න.මම කවුද, මට මොනවද අවශ්‍ය කියල ඔයා තීරණය කරන්න.එතකොට පිටින් එන කිසිම සිතුවිල්ලකට ඔයාට බලපෑම් කරන්න ශක්තියක් නැති වෙනව.ඔයා ඔයාව ඒ තරමටම ශක්තිමත් කරගන්න.හැම වෙලේම ඔයාගෙ මනසට ඔයාගෙ පණිවිඩ ලබාදෙන්න. අනවශ්‍ය  පුද්ගලයන්ට ඔයාගේ ප්‍රතිචාර ලබාදිය යුතු නැති බව ඔයාගේ මනසට පවසන්න. මේ න්‍යාය දිගින් දිගටම පිළිපැදීමෙන් ඔයාගේ මනස හුරු වෙනවා පිටින් එන අනවශ්‍ය ඍණ අදහස් හා සිතුවිලි ඔයා තුළට පැමිණීම නවත්වා හරවා යවන්න.

හැම විටකම එවැනි පුද්ගලයන්ට සිනාවකින් සංග්‍රහ කරන්න.ඔ‍යා ඔයාම වෙන්න අන්අය නිසා හිත රිදවගෙන ඒවාට ප්‍රතිචාර දක්වන්න ඔයාගෙ කාලය යොදවන්න එපා.ඒ කාලය ඔයා වෙනුවෙන් වැය කරන්න.එවිට ඔයාගෙ ගමන ස්ථිරයි. ඔයාව නවත්තන්න කිසිම කෙනෙකුගේ වචන වලට බෑ.ඔයා ගැන විශ්වාසය තියල ඔයාගෙ ගමන යන්න.ඔයාගෙ නිධානය ඔයා විසින් මතුකරගන්න.

                                                                                ජය වේවා!






Comments

  1. අවංක වෙන්න ඕනි...තමන්ට මොකක් හෝ කලකිරීමක් තියෙනවනන් යම් කෙනෙක් ගැන කරන්න ඕනි නිහඬ වීමයි.
    ජය වේවා❤❤❤

    ReplyDelete
  2. Great article 👍 keep it up ..

    ReplyDelete
  3. There are motivational words in your article.good

    ReplyDelete

Post a Comment

Popular posts from this blog