ඉතින් දැන්වත් මෙහෙ වරෙල්ල්ලා !


                  ධර්මේ

                  කාසීම්

                 රාජසුන්දරම්

                මෙහෙ වරෙල්ලා!

                අපි ඔක්කොම එකතු වෙලා

               මේ ලෝකය යහපත් තැනක් කරමු මීට වැඩිය...

මහ පොළොව බෙදාගෙන අයිතීන් හොයන අපිට එදවස කවි ලියූ ඔහු නමින් සේකර! 

මහගම සේකර (1929 - 1976)

Mahagama Sekara Songs MP3 | Mahagama Sekara Sinhala Songs ~ songhub.lk

කවියෙක් ? ගීත රචකයෙක් ? නවකතාකරුවෙක්? කෙටිකතා කරුවෙක්? නාට්‍ය රචකයෙක්? චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් ?  චිත්‍ර ශිල්පියෙක් ? 

කලා ලෝකයේ සේකරයන්ගේ භූමිකාව කුමක්දැයි  යම් තැනක ඔබෙන් පැණයක් අසා ඇත්නම් ඊට පහළින් ඇති තිත් ඉරි මත උක්ත මා කියූ ඕනෑම භූමිකාවක් ලියා දක්වන්න.ඔහු මේ සෑම අංශයකින්ම අග්‍රගණ්‍ය කලා කෘතීන් ගොන්නක් අපට ඉතිරි කර ගිය සොඳුරු කලා කලාකරුවෙකි.

ඔබට එසේ ලියන්නට ඉඩ දී මම ඒ මත මෙසේ ලියන්නම්.  විශ්වයත්, කැරකෙන මේ ලෝකයත්, ඒ මත වෙසෙන නානාවිධ ජීවීනුත් අතර තුන්කල්  නුවණින් ලොව දුටු "ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයා" සේකර නම් වේ.


              මා කවි ලියන අතර

             මා මිතුරෝ

             පොළොව බෙදා වෙන් කරගෙන

            ඒ මත රන් රිදියෙන්

             ඇත් අස් රිය පියවර සෙන්

             මහා මන්දිර ගොඩනැගූවෝ

            නිලතල ගරු බුහුමන්

           රජ මැතිඳුන්ගෙන් ලැබූවෝ....  


     නිලතල, නම්බුනාම, ගරු බුහුමන් සොයා හැල්මේ දිව යන එකෙක් පරයා එකෙක් නැගෙන්නට වැටුන සමාජයක යාන වාහන, මාලිගා, කෑමබීම පදමට ඇත්තේනම් සොම්නස එතනයි සිතා  පොරකමින් දිවයන, දියවී යන අසරණ මිනිසුන් වෙසෙන සමාජයක කොණකට වී සේකරයන් ලිව්වේ,

 මේ මාලිගා වලට යටින් වූ මිනිසුන් නරඹන්නට ප්‍රිය නැති සත්‍යවාදී සිනමාපටයේ පසුබිම් ගීත ඛණ්ඩ දැයි වරෙක මට සිතේ.

  "ප්‍රබුද්ධ"  මා දකින ඔහුගේ අග්‍ර ඵලයයි.

    Prabuddha (ප්‍රබුද්ධ): Amazon.co.uk: Mahagama Sekara (මහගම සේකර):  9789558156285: Books

             පුපුරන එවුන් මිසක ඉරිසියාවෙ 

            මෙහෙ  කොහෙද ලෙන්ගතු අය ?

            ඉබේට කටින් හැලෙන

             ගුඩීවිනින්

            ගුඩ් මෝර්නින්

           පරඬැල් වචන මිසක...


එදා ඔහු දුටු අද්‍යතන සමාජය සැබැවින්ම දෘශ්‍යමාන වන්නේ අද නොවේද?

    එසේ වුව සොයුරනි

   ඔබ ගැන මා ලියන කවිය

  ඔබගෙන් බොහෝ දෙනෙකුට

  අද දින නොවැටහෙන බව දනිමි.

  ලෝකය මීට වඩා යහපත් වන

  අනාගතයේ යම් දවසක

  ඔබ එය මීට වඩා ආදරයෙන්

  කියවන බව දනිමි.

 ඔහු දුටු  අනාගතයේ යම් දවස අද නම් ලෝකය  එදාට වඩා අද  යහපත් නම් අපට ඔහුගේ මේ කවි තවද වේදනාවක් නොවන්නට තිබුණා නොවේද?

            මා ලිව් කවි මට වගේම

  ඔබ හැමටත් පොදු වනු ඇත.                                                                                                                                                                                                                                        සබඳ එවිට මගෙ කවියේ

  මා නොසොයා ඔබ දකින්න                                                                                                              .

                                    -සක්වා ලිහිණි-
                                     මහගම සේකර
        

ඉතින්,  මේ කවි අස්සේ රිංගමින්, පීනමින්, අලු වෙමින් සේකර නොසොයා ඔබව දකින්න. ඔබට ඔබ හමු වූ යම් දවසක මේ ලෝකය වඩා යහපත් තැනක් වනු ඇති. 
                                                                         
                                            නොමියේ ඔබ සේකර !

Comments

Post a Comment

Popular posts from this blog