Posts

Showing posts from January, 2021
Image
  අඳුර  ඇඳගෙන  ඇත්තු ඇවිදින්...  සංහිදේ දෙවියන්ගෙ පාමුල   කඳුළු කියලා එන වෙලේ  වැව් කොනේ තනි එකා ඉඳලා  දිවුල් හෙව්වද උඹේ කුසේ  අඳුර ඇඳගෙන ඇත්තු ඇවිදින්   හරිම මූසල මන්ඩියේ  වැවේ දෙවියනි මේ තියෙන්නෙ  අපි උදේ කෑ වැල් අලේ..  headphone එක දාගෙන youtube එකෙන් වෙනස් විදිහේ ගීත නිර්මාණ රස විඳිමින් ඉන්න අතරේ එක්තරා ගීයක් මුණගැහුණා. ගිය ගැයුනේ අපේ හෙළ ජන කවියා සමන් ලෙනින් සහෝදරයා ගේ හඬින්.මාල හතක් දාලා ආදරයෙන් කැන්දන් ඇවිත්, කඳුළු බිබී, අඩියෙන් අඩිය දැනුනු දුක උහුලන් අපි ගියේ ලස්සන අනාගතයක් හොයාගෙන. හීන වලින් පිරුණු මේ ලෝකේ පුංචි පුතා එනකන් ඇගිලි ගැන්න මතකද? ගීතය මධ්‍ය  ඉඩක ඔහු යළිත් වැලපේ.  අලි හිතක් ඇයි අඩිය තිබ්බෙ  පොඩි පුතා සැතපුණ කුසේ  සුජීව හෙට්ටිතන්ත්‍රී අපේ කවියා සැන්දෑ යාමෙක පෑන් තුඩෙන් කඩදාසි අතර  ඒ දිග හරින්නට ඇත්තේ සද්දන්ත ජීවිත එක්ක ජීවිතේ දුක උහුලන ඈත පිටිසර ගම්මානවල වෙසෙන අපේම ජනතාවගේ දුක්ඛිත පරිච්ඡේදයක තවත් එක් නැවතුමක් ගැන වන්නට ඇත. ෆෝන් එක පැත්තකින් තියල මම හෙමිහිට සාලය දිගේ ඇවිදගෙන ග...
Image
  ඉතින් දැන්වත් මෙහෙ වරෙල්ල්ලා !                   ධර්මේ                   කාසීම්                  රාජසුන්දරම්                 මෙහෙ වරෙල්ලා!                 අපි ඔක්කොම එකතු වෙලා                මේ ලෝකය යහපත් තැනක් කරමු මීට වැඩිය... මහ පොළොව බෙදාගෙන අයිතීන් හොයන අපිට එදවස කවි ලියූ ඔහු නමින් සේකර!  මහගම සේකර (1929 - 1976) කවියෙක් ? ගීත රචකයෙක් ? නවකතාකරුවෙක්? කෙටිකතා කරුවෙක්? නාට්‍ය රචකයෙක්? චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් ?  චිත්‍ර ශිල්පියෙක් ?  කලා ලෝකයේ සේකරයන්ගේ භූමිකාව කුමක්දැයි  යම් තැනක ඔබෙන් පැණයක් අසා ඇත්නම් ඊට පහළින් ඇති තිත් ඉරි මත උක්ත මා කියූ ඕනෑම භූමිකාවක් ලියා දක්වන්න.ඔහු මේ සෑම අංශයකින්ම අග්‍රගණ්‍ය කලා කෘතීන් ගොන්නක් අපට ඉතිරි කර ගිය සොඳුරු කලා කලාකරුවෙකි. ඔබට එසේ ලියන්නට ඉඩ දී මම ඒ මත මෙසේ ලියන්නම්. ...
Image
  සංගීත චිකිත්සාව මානසික මෙන්ම කායික රෝගාබාධ හමුවේ අද වන විට සංගීතය චිකිත්සාවක් ලෙස යොදා ගන්නා අතර එහි ප්‍රතිඵල පර්යේෂණ වලින් සනාථ වී තිබේ. කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය ලොව පුරා ජන හදවත් භීතියට පත්කර සමාජයම නිවසට කොටු කර ඇති මෙවන් සමයක මානසිකව මෙන්ම කායික ව ඇති වෙන පීඩා දුරුකර සුවපත්භාවය ලබා රෝග වලටද සහනයක් ලැබීමට සංගීත චිකිත්සාව දායක කර ගැනීම ඉතාම වැදගත්.සංගීතය යන්න හඳුන්වා ඇත්තේ සෞන්දර්ය කලාව සමඟ සම්බන්ධ රිද්මයානුකූල සීමා හා ශබ්දය මාධ්‍ය කරගත් සංස්කෘතිය හා සම්බන්ධ විෂයක් වශයෙනි. එසේම යම් පිළිවෙතක සකස් කරන ලද ශබ්ද වල එකතුවක් ලෙසද සංගීතය හඳුන්වා තිබෙනවා. බ්‍රිටැනිකා විශ්වකෝෂයට අනුව සංගීතය යන්න හඳුන්වා ඇත්තේ "චිත්ත වේගයන්හි භාවමය ප්‍රකාශනය සඳහා ඇතිකරගනු ලබන, එමෙන්ම කටහඬින් සහ තූර්ය භාණ්ඩවල ශබ්ද ධ්වනියෙන් බිහිවෙන රමණීය ශබ්ද මාධූර්යය " ලෙසයි. සංගීතයට යම් අයකුගේ මනසට මෙන්ම හදවතට සෘජු ලෙස ආමන්ත්‍රණය කරමින් පවතින මනෝභාව අභිප්‍රේරණය කිරීමටත්, නව ධනාත්මක සහ වින්දනාත්මක මනෝභාවෙ ජනනය කිරීමටත් විශේෂ හැකියාවක් ඇති නිසා එය මානසික ආබාධ සුව කිරීමේ පදනම ලෙස යොදාගෙන තිබේ.මානව සංගීතය ආකාර දෙක...