තබමි තිත ඔබට, "සෘණ"! "සෑම කෙනෙකුම ඔබේ ජීවන චාරිකාව තේරුම් ගත යුතු නැහැ. මොකද ඔබ මේ ලෝකයට ආවෙ ජීවත්වෙන්න මිසක, අන් අයට ඔබ ජීවත්වන ආකාරය තේරුම් කරන්න නෙවෙයි" ( paulo coelho ) ඇත්තටම පාවුලෝ කියන්නේ මනසට කතා කරන ලේඛකයෙක් කිව්වොත් මම හරි. ඔබ ඔහුගේ සන්තියාගෝ නම් සැරිසරන්නා, බ්‍රීඩා, මිනිත්තු එකොලහේ කතාව... වගේ පොත් කියවා තිබෙනවා නම් ඒ බව දැනටමත් දැනගෙන ඇති. ඔහු සෑමවිටම කතාවක් ගොතනවාට වඩා පාඨකයාගේ මනසට කතා කරනවා. මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ කියන ක්‍රමවේදයට අපි ජීවත් වෙන්නේ කියලා. අපි ජීවත් වෙන්නේ සමාජයක.පවුලෙන් පටන් අරන් පාසල,යාළුවෝ,මාධ්‍ය,රැකියාව.... මේ හැම තැනකම අපිට මේ සමාජයන් එක්ක ගනුදෙනු කරන්න වෙනවා. මේ හැම තැනකදීම ඔයාගේ මනස වට්ටන වචන, සිද්ධි මිනිසුන් ඔයා මත බලපෑම් කරන්න යොදාගන්න පුලුවන්. ඉතින් මේ දේවල් වලට ඔයා ප්‍රතිචාර දක්වද්දී නොදැනිම ඔයා ඍණ මනසක් ඇති පුද්ගලයෙක් බවට පත්වෙනවා. ඒ නිසා ඔයාගෙ ප්‍රතිචාර ලැබෙන්න ඕන මොනවගේ පුද්ගලයන්ටද,කොයි විදිහට ද කියන එක ගැන හොඳ අවබෝධයක් ඔයා තුළ තියෙන්නට ඕනේ. ඔයාට කෙනෙක් කියනවනම් ඔයාට බෑ,...
Hoyagaththaa
ReplyDelete👌👌
ReplyDelete