Posts

Image
              අහෝ! සේකර, දයාවතී මියගියා.  අපට මෙ තරම් ජරාජීර්ණ පරිසරයක් උදාකරදීම ගැන අවුරුදු හතලිහක් තිස්සෙ තම වටිනා ඡන්දය භාවිතා කළ අප්පච්චී ද වගකිව යුතු බව මා විසින් තර්ක කරමින් ගෙවූ උණුසුම් සැඳෑවක  තර්කයෙන් පලාගිය අප්පච්චී එල්ලා ගත් මුහුණින් තමන් කැමති පුවත් යන නාලිකාව බලන්නට විය.දිගින් දිගටම වාර්තා වූ ළමා අපචාර, දූෂණ මධ්‍යයේ අදත් එවැනිම පුවතක් විකාශය විය. පුවතක් - දේශපාලුවෙකුගේ නිවසේ සේවය කළ බාල වයස්කාර දැරියක් පිළිස්සී මිය යයි. අතවරයට ලක්ව ඇති බව මරණ පරීක්ෂණයේ සඳහන් වෙයි. මෙය ඝාතනයක් ද යන්න සැකයක් මතුවී ඇත.(සත්‍ය සිදුවීමකි.නම් ගම් මනක්කල්පිතයි )   ඇයගේ මුහුණ හඳුනා  ගැනීම රටටම ඉතා වැදගත් නිසා ටීවී තීරයේ ඇගේ මුහුණ විශාලනය කොට සමීප රූපයකින් පළ විය.වතුකරයේ ජීවත් වූ  අවුරුදු දහසයක් වයසැති ශාලිනී දැරිය  මෙහෙකාර සේවයේ යෙදී සිටිය දී මෙසේ මිය ගොස් තිබුණේය. ඉහත ප්‍රවෘත්තිය 1977 මහගම සේකරයන් අතින් ලියැවුණු "ප්‍රබුද්ධ" ග්‍රන්ථයේ එන "දයාවතී" ගැන මට සිහි ගැන්වීය.  දයාවතී ගියේ            ...
Image
තබමි තිත ඔබට, "සෘණ"!   "සෑම කෙනෙකුම ඔබේ ජීවන චාරිකාව තේරුම් ගත යුතු නැහැ. මොකද ඔබ මේ ලෝකයට ආවෙ ජීවත්වෙන්න මිසක, අන් අයට ඔබ ජීවත්වන ආකාරය තේරුම් කරන්න නෙවෙයි"   (  paulo coelho  ) ඇත්තටම  පාවුලෝ  කියන්නේ මනසට කතා කරන ලේඛකයෙක් කිව්වොත් මම හරි. ඔබ ඔහුගේ සන්තියාගෝ නම් සැරිසරන්නා, බ්‍රීඩා, මිනිත්තු එකොලහේ කතාව... වගේ පොත් කියවා තිබෙනවා නම් ඒ බව දැනටමත් දැනගෙන ඇති. ඔහු සෑමවිටම කතාවක් ගොතනවාට වඩා පාඨකයාගේ මනසට කතා කරනවා. මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද  මේ කියන  ක්‍රමවේදයට අපි ජීවත් වෙන්නේ කියලා.  අපි ජීවත් වෙන්නේ සමාජයක.පවුලෙන් පටන් අරන් පාසල,යාළුවෝ,මාධ්‍ය,රැකියාව.... මේ හැම තැනකම අපිට මේ සමාජයන් එක්ක ගනුදෙනු කරන්න වෙනවා. මේ හැම තැනකදීම ඔයාගේ මනස වට්ටන වචන, සිද්ධි මිනිසුන් ඔයා මත බලපෑම් කරන්න යොදාගන්න පුලුවන්. ඉතින් මේ දේවල් වලට ඔයා ප්‍රතිචාර දක්වද්දී නොදැනිම ඔයා ඍණ මනසක් ඇති පුද්ගලයෙක් බවට පත්වෙනවා. ඒ නිසා ඔයාගෙ ප්‍රතිචාර ලැබෙන්න ඕන මොනවගේ පුද්ගලයන්ටද,කොයි විදිහට ද කියන එක ගැන හොඳ අවබෝධයක් ඔයා තුළ තියෙන්නට ඕනේ. ඔයාට කෙනෙක් කියනවනම් ඔයාට බෑ,...
Image
  හීන වලට පණක් තියෙනවා හැමදේම ටිකෙන් ටික වෙනස් වෙලා වසන්තයට අලුත් අලුත් හීන මැවෙනවා මග බලා සිටිය දේවල් මතු වෙලා ළඟට එන්නට හීන වලට පණක් තියෙනවා ගෙවිලා ගිය දේවල් ඉදිරියෙ වෙන දේවල් වෙනසක් නැහැ සිදු වේ ආගිය මග යා යුතු තැන දන්නෙ තමා ම යි නිදහසේ නිමක් නැතිව සිතුවිලි ගඟ ගලා යද්දි පෙර නුදුටුව හීන මැවෙනවා සේනක බටගොඩ මහතා අතින් ලියැවුණු මෙම ගීතය ඔබ අසා ඇතුවාට සැක නැහැ නමුත් මම අද කතා කරන්නේ මෙම ගීතය ගැන නෙවෙයි. මෙහි කියවෙන හීන වලට පණ දෙන ක්‍රමය ගැන.ඔබට නිකමටවත් හිතිල තියෙනවද  ඔබේ සිතුවිලි වලට ජීවිතය වෙනස් කරන්න පුලුවන් තරම් බලයක් තියෙනව කියලා. මම අද කතා කරන්නේ අපේ සිතුවිලි වල බලය අපිට ඕන විදියට හසුරවා ගන්න ක්‍රමය ගැන. මෙය ආකර්ෂණ නීතිය (law of attraction) කියලා කියනවා. මුලින්ම කියන්න ඕන මෙය කවුරුන් විසින් වත් හොයා ගත්ත දෙයක් නෙවෙයි. මේක සදාකාලයටම මේ විශ්වය මත පවතින සත්‍යතාවයක්. මේකට මූලික වෙන්නේ ඔබේ සිත. ඔබ ධනාත්මක දේවල් පුරුද්දක් විදියට හිතන කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔබේ අරමුණු සඵල වීමේ ප්‍රවණතාවය වැඩියි. මෙහිදී වඩාත් වැදගත් වන්නේ ඔබ ඔබට අවශ්‍ය දේ පමණක්ම සිතීමයි. ඒ සඳහා ප්‍රථමයෙන් ඔබ ඔබව ...
Image
  අඳුර  ඇඳගෙන  ඇත්තු ඇවිදින්...  සංහිදේ දෙවියන්ගෙ පාමුල   කඳුළු කියලා එන වෙලේ  වැව් කොනේ තනි එකා ඉඳලා  දිවුල් හෙව්වද උඹේ කුසේ  අඳුර ඇඳගෙන ඇත්තු ඇවිදින්   හරිම මූසල මන්ඩියේ  වැවේ දෙවියනි මේ තියෙන්නෙ  අපි උදේ කෑ වැල් අලේ..  headphone එක දාගෙන youtube එකෙන් වෙනස් විදිහේ ගීත නිර්මාණ රස විඳිමින් ඉන්න අතරේ එක්තරා ගීයක් මුණගැහුණා. ගිය ගැයුනේ අපේ හෙළ ජන කවියා සමන් ලෙනින් සහෝදරයා ගේ හඬින්.මාල හතක් දාලා ආදරයෙන් කැන්දන් ඇවිත්, කඳුළු බිබී, අඩියෙන් අඩිය දැනුනු දුක උහුලන් අපි ගියේ ලස්සන අනාගතයක් හොයාගෙන. හීන වලින් පිරුණු මේ ලෝකේ පුංචි පුතා එනකන් ඇගිලි ගැන්න මතකද? ගීතය මධ්‍ය  ඉඩක ඔහු යළිත් වැලපේ.  අලි හිතක් ඇයි අඩිය තිබ්බෙ  පොඩි පුතා සැතපුණ කුසේ  සුජීව හෙට්ටිතන්ත්‍රී අපේ කවියා සැන්දෑ යාමෙක පෑන් තුඩෙන් කඩදාසි අතර  ඒ දිග හරින්නට ඇත්තේ සද්දන්ත ජීවිත එක්ක ජීවිතේ දුක උහුලන ඈත පිටිසර ගම්මානවල වෙසෙන අපේම ජනතාවගේ දුක්ඛිත පරිච්ඡේදයක තවත් එක් නැවතුමක් ගැන වන්නට ඇත. ෆෝන් එක පැත්තකින් තියල මම හෙමිහිට සාලය දිගේ ඇවිදගෙන ග...
Image
  ඉතින් දැන්වත් මෙහෙ වරෙල්ල්ලා !                   ධර්මේ                   කාසීම්                  රාජසුන්දරම්                 මෙහෙ වරෙල්ලා!                 අපි ඔක්කොම එකතු වෙලා                මේ ලෝකය යහපත් තැනක් කරමු මීට වැඩිය... මහ පොළොව බෙදාගෙන අයිතීන් හොයන අපිට එදවස කවි ලියූ ඔහු නමින් සේකර!  මහගම සේකර (1929 - 1976) කවියෙක් ? ගීත රචකයෙක් ? නවකතාකරුවෙක්? කෙටිකතා කරුවෙක්? නාට්‍ය රචකයෙක්? චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් ?  චිත්‍ර ශිල්පියෙක් ?  කලා ලෝකයේ සේකරයන්ගේ භූමිකාව කුමක්දැයි  යම් තැනක ඔබෙන් පැණයක් අසා ඇත්නම් ඊට පහළින් ඇති තිත් ඉරි මත උක්ත මා කියූ ඕනෑම භූමිකාවක් ලියා දක්වන්න.ඔහු මේ සෑම අංශයකින්ම අග්‍රගණ්‍ය කලා කෘතීන් ගොන්නක් අපට ඉතිරි කර ගිය සොඳුරු කලා කලාකරුවෙකි. ඔබට එසේ ලියන්නට ඉඩ දී මම ඒ මත මෙසේ ලියන්නම්. ...
Image
  සංගීත චිකිත්සාව මානසික මෙන්ම කායික රෝගාබාධ හමුවේ අද වන විට සංගීතය චිකිත්සාවක් ලෙස යොදා ගන්නා අතර එහි ප්‍රතිඵල පර්යේෂණ වලින් සනාථ වී තිබේ. කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය ලොව පුරා ජන හදවත් භීතියට පත්කර සමාජයම නිවසට කොටු කර ඇති මෙවන් සමයක මානසිකව මෙන්ම කායික ව ඇති වෙන පීඩා දුරුකර සුවපත්භාවය ලබා රෝග වලටද සහනයක් ලැබීමට සංගීත චිකිත්සාව දායක කර ගැනීම ඉතාම වැදගත්.සංගීතය යන්න හඳුන්වා ඇත්තේ සෞන්දර්ය කලාව සමඟ සම්බන්ධ රිද්මයානුකූල සීමා හා ශබ්දය මාධ්‍ය කරගත් සංස්කෘතිය හා සම්බන්ධ විෂයක් වශයෙනි. එසේම යම් පිළිවෙතක සකස් කරන ලද ශබ්ද වල එකතුවක් ලෙසද සංගීතය හඳුන්වා තිබෙනවා. බ්‍රිටැනිකා විශ්වකෝෂයට අනුව සංගීතය යන්න හඳුන්වා ඇත්තේ "චිත්ත වේගයන්හි භාවමය ප්‍රකාශනය සඳහා ඇතිකරගනු ලබන, එමෙන්ම කටහඬින් සහ තූර්ය භාණ්ඩවල ශබ්ද ධ්වනියෙන් බිහිවෙන රමණීය ශබ්ද මාධූර්යය " ලෙසයි. සංගීතයට යම් අයකුගේ මනසට මෙන්ම හදවතට සෘජු ලෙස ආමන්ත්‍රණය කරමින් පවතින මනෝභාව අභිප්‍රේරණය කිරීමටත්, නව ධනාත්මක සහ වින්දනාත්මක මනෝභාවෙ ජනනය කිරීමටත් විශේෂ හැකියාවක් ඇති නිසා එය මානසික ආබාධ සුව කිරීමේ පදනම ලෙස යොදාගෙන තිබේ.මානව සංගීතය ආකාර දෙක...
Image
    ජන ගීය ආශ්‍රිත තනු නිර්මාණය             කිසියම් ජන ගායන චාරිත්‍රයක් සමාජයක බිහි වන්නේ වැදගත් සමාජ අවශ්‍යතාවක් හේතු කොට ගෙනය. ඒවා විඩාව සංසිදවීමට හෝ වින්දනයට පමණක් හෝ සීමාකර තැබීම සාදාරණ නොවේ. ජන සංගීතය පදනම් කොටගෙන නිර්මාණය සිදු කිරීම තුළින් දේශීය සිංහල සංගීතයක් ගොඩ නංවාගත යුතුය. මෙහිදී ගීත ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතු වේ.              '' නුතන නව නිර්මානාත්මක ගීත කෙරෙහි ඇල්මක් හා උනන්දුවක් රට තුළ ඇතිවී තිබෙන බව පෙනේ.    ඊට හේතුව අපේ ජන රිද්මය හා නාද මාලාවන් කෙරෙහි ඇති ජානමය සබදියාවයි. අඛණ්ඩ ඉතිහාසයක් පුරා දිවෙන එම නාද මාලා රිද්මය ගීතයට යොදා ගැනීම එහි ජනප්‍රියත්වට හා ප්‍රගමනයට හේතුවක් වේ.                අපගේ සිංදුවලට දේශීයත්වයට අනන්‍ය වූ නාද රටාවන් පවතී. නමුත් නිශ්චිත වූ ස්වර ප්‍රස්ථාරකූල ක්‍රමයකින් තොරව ගැමියා විසින් මුඛ පරම්පරාගතව පැවතගෙන ඒමත් ජන කවිය කාර්යානුබද්ධ වීමත් හේතුවෙන් ජන කවියට නිශ්චිත වූ නාද රටාවක් නොතිබිණි. එසේම ජන කවියේ නාද රටා පළාතෙන් ප...